Wednesday, April 9, 2014

ෆෝන්(phone) එකේ තියෙන රේඩියෝ එක අහන්ඩ හෑන්ඩ්ෆ්රී (handfree) එක අනිවාර්‍ය ඇයි


ෆෝන් (phone) එකේ තියෙන රේඩියෝ එක අහන්ඩ හෑන්ඩ්ෆ්රී  (handfree) එක අනිවාර්‍ය ඇයි.

ඔන්න යාලුවනේ අදත් අලුත්පෝස්ට් එකක් අරන් උදේ පාන්දරින්ම මම ආවා, (දැන් මොන උදේද) අද මම කියන්ඩ යන දේ නම් ඔයලට එච්චර වටින්නේ නැති වෙයි. කමක් නෑ කියවලා බලන්නකෝ.

ඔයාල ඉතින් හෑන්ඩ් පෝන් පාවිච්චී කරනව්වා ඇති නේද, ගොඩක් අය පෝන් පාවිච්චී කරන්නේ මල් කඩන්නයි sms ගහන්නයිනේ. ඒ උනාට ඔය පෝන් එක සින්දු අහන්නම පාවිච්චි කරන අයත් ඉන්වනේ, ඔය අතරෙන් රේඩියෝ අහන අයට වැදගත් වෙන දෙයක් තමා මම අද කියන්න යන්නේ,

ඔයාලා ඔය අහන FM තරන්ග මාලාව විකාශනය කරන්නේ ගුවන් විදුලි සන්ඤා වලින්නේ, පැහදිලිවම කියනවනම් ඉතින් අපි අහන රේඩියෝ චැනල් මෙහෙට එවන්නේ එව්වා හදන කොම්පැනි වලින්නේ ඒ කියන්නේ ගුවන් විදුලි ආයතන වලින්නේ. මේ එන සන්ඤා අල්ලා ගන්න තමයි රේඩියෝ අහන උපාන්ග වලට ඒරියල් එකක් හයි කරලා තියෙන්නේ. ඉතින් දැන් එන සමහර පෝන් වල රේඩියෝ එක තිබ්බට ඒරියල් එක නෑනේ. මේ වගේ පෝන් වලදී ඒකේ තියෙන හෑන්ඩ්ෆ්රී ඒරියල් එකක් හැටියටත් වැඩ කරනවා.

සමහරු දැන් කියයි අපේ පෝන් වල තියෙන ඇන්ටනාවට මේ රේඩියෝ සන්ඤා අල්ලා (ප්‍රෙතිග්‍රහනය කර) ගන්න බෑ කියලා,

ඒකට හේතුව ජන්ගම දුරකතන සන්ඤා සහ රේඩියෝ සන්ඤා විකාශය කරන සන්ක්‍යාත පරාසය එකිනෙකට වෙනස් වීමයි.ඒක තේරුනේ නැත්තම් අහගන්න අපිට එදිනෙදා පෝන් එකෙන් කරන (කෝල් ගන්නවා වාගේ) වැඩ වලට එන  සන්ඤා රේඩියෝ අයතන වලින් එවන සන්ඤා වලට වඩා ගොඩාක් වෙනස් වීමයි.

ප්‍රශ්න තියෙනවනම් කොමෙන්ට් එකකින් අහන්න ප්‍රශ්න නැතත් ඉතින් හොද නරක කියලා කමෙන්ට් එකක් දාන්න….ඔන්න එහෙනම් අපි ගියා…


No comments:

Post a Comment